පොදු සම්පත් කළමනාකරණය තුලින් ජාතික ඒකාබද්ධකාවය වර්ධනය කිරීම

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංකුඹුර උඩගම,වැල්ගාල හා බටගොල්ලාදෙනිය යන ග්‍රාම නිලධාරී වසම් 03 යාකරමින් නිර්මණෙය වී ඇති ඉහල ඇල යාය, පහල ඇළ යාය හා කුඩා කුඹුර වෙල් යාය යන වෙල් යායවල් තුන අක්කර 35 කින් පමණ යුත් මෙම කුඹුරු යාය ගොවි පවුල් 86 කගේ ජීවනෝපාය වී ඇත.

මෙම වෙල් යාය පිහිටා ඇත්තේ භූගෝලීය වශයෙන්ම නිම්නයකයි. මෙම ප්‍රදේශය කදුකර තෙත් කලාපයට අයත් වේ. මෙම ප්‍රදේශය වර්ෂාව අධික කලාපයකි.තවද මෙය කදුකර ප්‍රදේශයක් බැවින් අවට කඳුවල ජලය වැසි කාලයේදී මෙම වෙල්යායේ ප්‍රධාන ඇල මාර්ගය ඔස්සේ ගලා බසි. එබැවින් විශාල ජල ධාරාවක් වැසි කාලයේ දී මෙම වෙල්යාය හරහා ගමන් කරයි. එම විශාල ජල ධාරාව ඇළ මාර්ග ඔස්සේ ගමන් කරද්දී ඇල මාර්ගයේ දුර්වලතා හේතුවෙන් ඉවුරු කැඩී යාම හා ජලය පිටාර ගැලීම සිදු වේ.

මෙම කුඹුරු යායවල් එකිනෙකට යාව පිහිටන බැවින් එක ස්ථානයකින් සිදුවන හානිය අනෙක් කුඹුරු වලට ද පැතිර යයි. එමඟින් එම කුඹුරු යටවී වගා හානියට මෙන්ම පොදු දේපල විනාශ වීමටද හේතුවක් වේ. මෙම හේතුව නිසා ගොවියන් ගොවිතැනින් ඈත්වීමටද පටන් ගෙන ඇත.ගොවියන් විසින් විවිධ උපක්‍රම භාවිත කලද ඒවා සාර්ථක වී නොමැත. මෙම ඇළවේල්ල පිළිසකර කිරීම තුළින් වී ගොවිතැන ද අනෙකුත් වගාවන් හා පොදු දේපළ වල ආරක්ෂාවටද මහඟු පිටුවහළක්වන බව පෙන්වා දිය හැක.

මෙම හේතූන් නිසා ගොවි ජනතාව අතර නිතර නිතර ගැටුම් ඇති වී ඇති අතර ඒ පිළිබදව පැමිණිලිද ලැබී ඇත.
තවද ගොවි ජනතාව අතර හා ඉඩම් අයිතිකරුවන් අතර ගැටුම් නිර්මාණය වී ඇත. මෙම ඉඩම් වල අයිතිකරැවන් විවිධ ජනවර්ග වලට අයත් වීම හේතුවෙන් ඔවුන් අතරද ගැටුම් නිර්මාණය වීමේ ප්‍රවනතාවයක් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී.

ප්‍රතිපාදන ලබා දුන් ආයතනය – GIZ – SCOOPE ව්‍යාපෘතිය
ඇස්තමේන්තු මුදල – රු. 2,700,000.00