අන්තර් ආගමික සහජීවන වැඩසටහන
රටේ අනාගතය ළමා පරපුර වන බැවින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ආගමික සංහිදියාව, ඒකාබද්ධතාවය,ආකල්ප සංවර්ධනය ආදී බොහෝ දේ සඳහා මඟ පෙන්වීම අත්‍යඅවශ්‍ය කරුණක් බවට වර්තමානයේ පත්ව ඇත. ඒ සඳහා සහයක් ලබාදීම ඔවුන්ගේ අනාගතය යහපත් කිරීමට සහ දීර්ඝකාලීනව යහපත් ප්රතිලාභ ලබා ගැනීමට හේතු වේ.පාසල් දරුවන් අතර ආගමික සංහිඳියාව සහ අන්‍ය ආගමික අවබොධය ඇති කර ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම සඳහා බෞද්ධ ආගම/හින්දු ආගම සහ ඉස්ලාම් ආගම මුල් කර ගෙන එම ආගම්හි ආගමික නායකයන් එක් වේදිකාවක් මත හිඳ කරන්නාවු අපූර්ව සංවාදාත්මක විග්‍රහයක් තුළින් ඒ ඒ ආගම් තුළින් නිරූපනය කරන්නා වු ජාතික ඒකාබද්ධතාවය, සංහිඳියාව සමඟිය, සමාජ සමානත්මතාවය පාසල් දරුවන් සඳහා ඉගැන්වීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කිරීමට බලාපොරොත්තු විය.
පාසල් දරුවන් තුළ ආකල්පමය සංවර්ධනය ඇති කිරීම තුළින් රටතුළ සහජීනය ප්‍රවර්ධනය කිරීමට මනා පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.පාසල් දරුවන් යනු මානව සමාජයේ සිටින්නා වු එක් ප්රවර්ගයකි. ඔවුන් ආනාගතයේ මේ රට භාර ගැනීමට සිටිනා තරුණ තරුණියන්ය. ඔවුන් පිළිබදව අපි සමාජ විද්‍යාත්මක දෘශ්ඨිකෝණයෙන් බැලිය යුතුය. ළමා අවධිය පරිපූර්ණ භාවයෙන් වර්ධනය වෙත්ම තරුණ තරුණියන් සමාජය තුළ තම අනන්‍යයතාවය ගොඩ නගා ගැනීමට උත්සාහ දරයි. සමාජ සමූහවල යෞවනයන් තම ආධිපත්‍ය සෙවීමට උත්සාහ දරයි. එහිදී ඔවුන්ට සෑම ජනකොට්ඨාසයක් දෙසම එක හා සමාන දෘෂ්ඨි කෝණයකින් බැලීමට නම් පාසල් අවධියේ සිට දරුවන් අතර අනොන්‍ය සුහදතාවය තිබිය යුතුය. තාරුණ්‍යය,කුලය, ජන වර්ගය, පන්තිය, ආගම, සදාචාරය හා සමාජ සන්දර්භය තුළ එකිනෙකට වෙනස් මතිමතාන්තර අනුව සමාජානුයෝජනය වන අවධියකි. එවන් අවධියකට දරුවන් සාර්ථකව මුහුණ දීමට නම් ඔවුන්ගේ කුඩා කාලයේදීම ඔවුන්ට අවශ්‍ය දැනුම /ආකල්ප සංවර්ධනය සහ අනොන්‍ය අවබෝධය ලබා තිබිය යුතුය.
මෙම වැඩසටහන සදහා අංකුඹුර උඩගම ශ්‍රී දේවානන්ද විද්‍යාලය, ජමාලියා මුස්ලිම් විද්‍යාලය හා ගල්කන්ද විද්‍යාලය යන පාසල් වල 09 හා 10 වසර ළමුන් 110 ක් හා මහනුවර කලෛමගල් විද්‍යාලයේ සිසුන් 14 ක්ද මම වැඩසටහන සදහා සහභාගී විය. මෙහිදී බෞද්ධ, හින්දු , ඉස්ලාම් හා ක්‍රිසතියානි යන ආගම් වල ආගමික ශාස්තෘවරැන්ගේ ඉගැන්වීම් සංහිදියාවට කෙසේ වැදගත් වන්නේද යන්නත් විවිධ ආගමික උත්සව හා වැදගත් දිනයන් පිළිබදව පාසල් ළමුන් දැනුවත් කරන ලදි.

