සහජීවනයේ ආහාර සංස්කෘතිය හුවමාරු කර ගැනීම

දෙමළ හා සිංහල සංස්කෘතීන්ට ආවේණික වූ ආහාර වර්ගය පිළිබඳව දැනුවත් වීමේ, හුවමාරු කර ගැනීමේ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2025.11.24 දින පවත්වන ලදී.

මෙහිදී දෙමළ හා සිංහල ජාතීන්ට ආවේනික වූ නිවාස දෙකක් හා පොදු කඩමණ්ඩියක් නිර්මාණය කර අදාළ නිවස් දෙකේම චාරිත්‍ර වාරිත්‍ර සිදුකරමින් ඒ පිළිබඳ දැනුවත් වෙමින් ආහාර පිසීම පිළිබඳ දැනුවත්භාවය ද , ලබාගන්නා ලදී.