අන්තර් ආගමික හුවමාරු වැඩසටහන

සිංහල පාසල් දරුවන් 40 දෙනෙකු ඉස්ලාම් දේවස්ථානය වෙත ගොස් එහි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දැනුවත් කිරීමේ “අන්තර් ආගමික හුවමාරු වැඩසටහන” 2025.11.06 දින අක්බා ටවුන් ජුම්මා මස්ජිඩ් මුස්ලිම් දේවස්ථානයේදී සාර්ථකව සිදුකරන ලදී.

මෙහිදී ඉස්ලාම් ආගමික සිරිත් විරිත් , චාරිත්‍ර, සංස්කෘතින් , අල් කුරාණය, අල්ලා දෙවියන්, මංගල අවමංගල උත්සව සැමරීම් ආදී දැනුවත් කිරීම් රාශියක් සිදුකරන ලදී.