“තිරසර පරිසරයක්” පාරිසරික සුරක්ෂිතතාව තුළින් ජනවාර්ගික සහජීවනය ඇතිකිරීම සඳහා වන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන

පරිසරය සංරක්‍ෂණය සඳහා වූ තිරසාර සමාජ වගකීම උපරිම කැපවීමෙන් ඉටුකිරීමේ අපේක්‍ෂාවෙන් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහු ජානවාර්ගික ප්‍රදේශයක් වූ අක්බාර් ටවුන්, එඩේරමුල්ල කලාපයේ නිවෙස්වල ඇති ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක්රැස් කර විධිමත් ලෙස වගකිව යුතු ආයතන වෙත භාර දී බැහැර කිරීම සඳහා “තිරසර පරිසරයක්” පාරිසරික සුරක්ෂිතතාව තුළින් ජනවාර්ගික සහජීවනය ඇතිකිරීමේ ව්‍යාපෘතිය මහර – ගොංගිතොට සහජීවන සංගමයේ සහයෝගය ඇතිව 2025.10.19 දින ගොංගිතොට, එඬේරමුල්ල-දකුණ හා අක්බාර්ටවුන් ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි සාර්ථකව පවත්වා අවසන් කරන ලදි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ නියෝජිත ECO-BIZ World (PVT) Limited ආයතනය විසින් සහයෝගය ලබා දෙන ලදි. මෙම වැඩසටහන ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ඒ.කේ. අංජානි දිනුෂිකා සෙනෙවිරත්න මිය විසින් සංවිධානය කරන ලදි.