ව්‍යාපෘතියේ නම : “සුපසන් පරිසරයක් – 2025” රුක් රෝපණ වැඩසටහන හා දනව්කන්ද තරණය

මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මහර ප්‍රාදේශීය සහජීවන සංගමය එක්ව සංවිධානය කළ “සුපසන් පරිසරයක්” රුක්රෝපණ වැඩසටහන හා දනව්කන්ද තරණය කිරීමේ වැඩසටහන 2025.06.17 සුවිශේෂී පරිසර විද්‍යාත්මක හා ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් සහිත ද්විතීයික තෙත් කලාපීය වනාන්තරයක් වන දනව්කන්ද රක්ෂිතය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. මෙම වැඩසටහන ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක ඒ.කේ. අංජානි දිනුෂිකා සෙනෙවිරත්න මිය විසින් සංවිධානය කරන ලදි.