ආන්තීකරණයට ලක්වූ ප්‍රදේශ වල මූලික යටිතල පහසුකම් නංවාලීමේ සහ ආර්ථිකය නගාසිටුවීම

ආන්තීකරණයට ලක්වූ පවුල සඳහා යටිතල පහසුකම් නංවාලීමේ වැඩසටහනක් ලෙස නුවරඑළිය රත්නගිරිය ජනපදයේ උග්‍ර ජල හිඟතාවයකින් පෙළෙන පවුල් 40ක් සඳහා ජල පහසුකම් ලබා දීමට මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වේ.

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය වන කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දී ඇති අතර, ඇස්තමේන්තුගත වියදම වන රුපියල් ලක්ෂ 18ක් සඳහා වන ඉතිරි මුදල ග්‍රාම සංවර්ධන සමිතිය හා වෙනත් දායකයින් මඟින් ලබා ගැනීමට නියමිතය.