පාරිසරික සුරක්ෂිතතාවය තුලින් ජනවාර්ගික සහජීවනය ඇති කිරීම

2025 ජූලි මස 08 වන දින නුවරඑළිය බඹරකැලේ පුරාණ ශ්‍රී මහා විහාරය අසල සිට ශාන්තිපුර කතෝලික පල්ලිය දක්වා මාර්ගය දෙපස කෑලි කසළ ඉවත් කර පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයත්, නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය ප්‍රාදේශීය සභාව, නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරිය, නුවරඑළිය පොලිසිය, ගුවන් හමුදාව නුවරඑළිය කඳවුර යන රාජ්‍ය ආයතන වල නිලධාරීන් සහභාගී වූහ.