සංස්කෘතික හුවමාරු වැඩසටහන
කුඩා හීනටියංගල සහජීවන සංගමය සමඟ සංවිධානය කරන ලද සංස්කෘතික හුවමාරු වැඩසටහන බද්රියා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විණ. ඒ සඳහා බෞද්ධ,හින්දු,ඉස්ලාම්,කතෝලික දහම් පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් සහභාගි වෙමින් විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරන ලද අතර මේ සඳහා සර්වාගමික පූජ්‍ය පක්ෂය, ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,පොලිස් නිලධාරීන්,නගරසභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස 85ක සංඛ්‍යාවක් සහභාගි වූහ.

